ඔබ මවිතයට පත් කරවන පාඩම් ක්රමය ‘ VP ‘ (දෘෂ්ටිකෝණ විශ්ලේෂණය) / The lesson plan that will amaze you is ‘VP’

Born To Win ආයතනයේ 9As වැඩමුළුවේ නිර්මාණයක්.

ක්‍රියාකාරකම – දෘෂ්ටිකෝණ විශ්ලේෂණය (VP analysis) අවශ්‍ය ද්‍රව්‍ය – VP ආකෘතිය (Download the format from https://borntowin.lk/formats/)

ඔබ විශිෂ්ටයෙකු වීමට සුදානම් ද ?

ඔබ දැන් රහස් පරීක්ෂකවරයෙකු මෙන් සිතන්නනයි යන්නේ. ඔබට මතක ඇති ඔබගේ කුතුහලය ඇවිස්සූ ලොමු දැහැ ගන්වන අත්දැකීම් සහිත ෂර්ලොක් හෝම්ස් කථා පෙල. ඉතින් අපේ පාඩම් එච්චර සුන්දර නැහැනෙ. ඔබට හිතෙයි. එච්චරම ආකර්ශනීය (exciting) නැති වෙන්නේ පටන් ගන්නත් ඉස්සෙල්ලම ඔබ පාඩම් වලට අකමැති නිසයි. හැබැයි VP එකත් එක්ක යන ගමන නම් හරිම ත්‍රාසජනක වෙන්නත් පුලුවන්. ඒ ඔබ කතුවරයාට අභියෝග කරන මට්ටමට හිතන්න පුරුදු වෙන නිසා. අපි බලමු කොහොමද ඒ කියලා.

මෙන්න මනා ඵලදායිතාවය සඳහා අනුගමනය කල යුතු පියවරයන් සැකෙවින් :

ඊට පෙර අපගේ අනිකුත් පාඩම් ක්‍රම ගැන දැනගැනීමට https://borntowin.lk/ , Born To Win YouTube චැනලය, (https://www.youtube.com/watch?v=A6BmD0AK-2I) දිලීප වන්නිආරච්චි ෆේස්බුක් පිටුව (https://www.facebook.com/dileepawanni/), සාපෙළ (https://www.facebook.com/get9As) හා 9As (https://www.facebook.com/btw9As) යන Facebook පිටු ද subscribe කරන්න.

VP 1.1 – ඔබ පාඩම් කිරීමට සූදානම් වන අනු මාතෘකාවේ නම format එකේ සපයා ඇති කොටසේ ලියන්න. එක ලේසියි නේද ? නම ලියන්න විතරයි තියෙන්නේ.

VP 1.2 – මීළඟට Focus එක – කතුවරයා වැඩියෙන්ම අවධානය යොමු කර ඇති කරුණ. පොත අවධානයෙන් කියවීමෙන් එය ඉතා පහසුවෙන් එය හඳුනාගත හැක. දැන් එම කතුවරයා දැඩි උනන්දුවක් දක්වා ඇති කරුණ සොයාගන්න. ඔන්න ඔබේ ෂර්ලොක් හෝම්ස් අවදි උනා. ඒත් ඒකත් ලේසියි නේද ?

VP 1.3 – මීළඟට Purpose එක – එනම් එම මාතෘකාව යටතේ කතුවරයා පිලිඹිබු කිරීමට උත්සාහ කරන පණිවිඩය. මේකට නං ෂර්ලොක් හෝම්ස්ට ටිකක් හිතන්න වෙනවා. හරියට අපරාධයක් කිරීමට හේතු වූ කරුන හොයාගන්නවා වගේ. හැබැයි ඒ ෂර්ලොක් හෝම්ස්ට නම් VP ආකෘතිය (VP format) එක තිබුණේ තමන්ගෙ මනසෙමයි.

VP1.4 – මීළඟට තමා VP1 එකේ බැරෑරුම්ම වැඩේ. දෘෂ්ටිකෝණ හඳුනා ගැනීම හෙවත් ඔබ එක තැනක සිට මාතෘකාවක විවිධ පැති හඳුනා ගැනීම.යම්කිසි මාතෘකාවක් යටතේ කරුණු ගොඩනැගීමට යොදා ගන්නා ලද ප්‍රධාන කරුණු දෘෂ්ටිකෝණ වේ. දෘෂ්ටි කෝණ වලින් තොරව මාතෘකාවක් යටතේ කරුණු ගොඩ නැගිය නොහැක. මෙම දෘෂ්ටි කෝණ ප්‍රධාන කරුණු වශයෙන් හඳුනාගන්න. මෙම පැතිකඩයන් වලින් බැලූ විට පෙනෙන දර්ශනය ඉතා හොඳ මෙන්ම රූපාකාරයෙන් හිතා ගත හැකි නම් ඔබ උත්කෘෂ්ට මනසක් ඇති පුද්ගලයෙකි. You are a genius.

VP1 පියවරේදී හඳුනා හඳුනාගන්නා පැතිකඩයන් දෘෂ්ටිකෝණ ලෙස හැඳින්වේ.මේකත් හරියට ෂර්ලොක් හෝම්ස් වෙන්න පුළුවන් සංසිද්ධීන් මනසින් ගොඩනඟා ගන්නවා වගේ. සංසිද්ධීන් විශාල ගණනක් එකවර ගොඩනගන්නේ නැහැ. උපරිම තුනයි. නැත්නම් විමර්ශනය අපහසුයි.

උදා: උදාහරණයක් වශයෙන් 10 වසර ඉතිහාසය 5 වෙනි පාඩමේ ‘නිවාස ඉදිකිරීමේ තාක්ෂණය’ මාතෘකාව යටතේ අපට ප්‍රධාන වශයෙන් දෘෂ්ඨි කෝණ දෙකක් විද්‍යාමාන වේ. ඒවා මොනවාදැයි හඳුනා ගනිමු. 1.ප්‍රාග් ඓතිහාසික යුගයේ නිවාස තැනීමට යොදාගත් තාක්ෂණය හා 2.පූර්ව ඓතිහාසික යුගයේ නිවාස තැනීමට යොදාගත් තාක්ෂණය මෙම දෘෂ්ටිකෝණ මාතෘකාව ගොඩනැගීමට මහත් උපකාරී වී ඇත. කාලවකවානු දෙකක සිදු වූ සරල සංසිද්ධීන් තමා මේ.

VP2 – 2.1 දැන් වැඩේට බහින්නයි යන්නේ. දැන් ඔබ හඳුනගත් දෘෂ්ටිකෝණ අතුරින් වඩාත් ප්‍රබලම දෘෂ්ටිකෝණය තෝරාගන්න. එය ඔබම තීරණය කරන්න.

VP2.2 මෙම දෘෂ්ටි කෝණය, රචනා කර ඇති මාතෘකාව යටතේ ඉතා ප්‍රබල එකක් වනවාට කිසිම සැකයක් නැහැ. අපි දැන් මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට යහපත් සුබවාදී, ධනාත්මක කරුණු එක් මාතෘකාවක් යටතේ හා අයහපත්, අසුබවාදී, ඍණාත්මක කරුණු වශයෙනුත් තවත් මාතෘකාවක් යටතේත් බෙදමු.

මේකත් හරියට අපරාධකාරයා යම් අපරාධයක් කිරීමට පාදක කරගත් සාධක මොනවාද කියලා හොයලා බලනවා වගේ.

කතුවරයා ලියා ඇති ධනාත්මක හෝ සෘණාත්මක කරුණ ඒ විදිහටම ලිවීම හෝ කතුවරයා සපයා ඇති කරුණු මත ඔබගේ මතයන් ගොඩ නැඟීම ඔබට කල හැකියි.

ඒ සඳහා සපයා ඇති VP format එකේ ‘ කතුවරයා ‘ හා ‘ ඔබ ‘ වශයෙන් තීරු දෙකක් ඇත.

ඔබට ධනාත්මක හෝ ඍණාත්මක කරුණු හඳුනාගත හැකි වුවත් ඒවා කලින් කතුවරයා හඳුනාගත් ඒවා නම් ඔබ ‘ කතුවරයා ‘ යන කොටසට හරි ලකුණ යොදන්න.

කතුවරයා සඳහන් නොකළ නමුත් ඔබ හඳුනා ගත්ත් ඒවා නම් ‘ ඔබ ‘ යන කොටසටත් හරි ලකුණ යොදන්න. කරුණු වල ධනාත්මක හා ඍණාත්මක බව හඳුනා ගැනීමට හොඳින් සිතන්න වෙනවා. රහස් පරීක්ෂකයෙක් එහෙමයි.

මෙසේ අමුතුවෙන් සිතන විට ඔබගේ මොළයේ නව නියුරෝන ජාල බිලියන ගණනක් ජනනය වෙනවා. මෙම ජෛව රසායනික විද්‍යුත් ආවේගයන් (Biochemical electrical impulses) නිසා කරුණු, දිගුකාලීනව මතකයේ රැඳෙනවා. නැවත ආවර්ජනය කිරීම ඉතාමත්ම පහසු වේ. කල්‍ යත්ම මෙය ඔබට පහසු ක්‍රියාවක් වේවි

පරීක්ෂණයට අදාළ හැම කරුණක්ම ක්‍රිස්ටල් වගේ කොපමණ කාලයක් ගෙවුනත් ෂර්ලොක් හෝම්ස්ට මතක තියෙන වගේ.

ඉතිං එක පාඩමක් වෙනුවෙන් බොහෝ වාර ගණනක් නැවත නැවත කියෙව්වත් කරුණු මතකයේ නොරැඳෙන එක ඔබගේ මානසික ප්‍රශ්නයක් නෙමෙයි.

අපි හිතමු ෂර්ලොක් හෝම්ස් වෙනත් පරීක්ෂකවරයෙක් කරපු වාර්තාවක් කියවනවා කියලා. ඒක එච්චර රසවත් නොවෙන්න පුළුවන්. ඔබටත් එසේමයි.

ඉතිං VP ක්‍රියාකාරකමෙන් ඔබ ගොඩනඟන්නේ ඔබේම විමර්ශනයක්.

පරණ ක්‍රම වලට පාඩම් කිරීමේදී කරුණු අමතක වෙන්නේ ඔබ යොදා ගන්නා ඵලදායිතාවය ඉතා අඩු ක්‍රමවල (tools) බලපෑමයි. උදාහරණයක් වශයෙන් පොත ඉහළ සිට පහළට කියවීම, කටපාඩම් කිරීම යන ඒවා සඳහන් කළ හැකියි.

ෂර්ලොක් හෝම්ස් තමන්ගේ විමර්ශනයන් වල වාර්තාව ඉදිරිපත් කරන්නේ කටපාඩමින් නෙමෙයි. අවබෝධයෙන්.

ඔබ මිට පෙර මෙසේ කරුණු විශ්ලේෂණය කිරීමක් අසා තිබේද ?

දැන් මෙසේ කල පංතියේ එකම ශිෂ්‍යා ඔබ පමණක් නම් ?

දැන් ඔබගේ මතකය පරීක්ෂාකර බලන්න . කරුණු එකිනෙක ගලපා ලස්සනට ආවර්ජනය කළ හැකියි නේද ?

පුදුමයි නේද ? එසේ නම් කිසිම සැකයක් නැහැ ඔබ genius කෙනෙක්.

හැබැයි තව ඉවර නෑ.

තවදුරටත් පාඩමේ ඔබට මගහැරුනු කරුණු තිබිය හැකියි. විභාගයේදී ඒවායින් ද ප්‍රශ්න ඇසීමට ඉඩ ඇත. විභාගයේ දී ඔබ අවදානමකට ලක්විය යුතු නැත. එසේ නම් ඒවාත් ආවරණය කරගත හැකි තවත් විශිෂ්ට විශ්ලේෂණයකට යමු – VP3 .

ඊට පෙර මේ පිළිබඳව ඔබට හැඟුනු අදහස අපට ලියා එවන්න නැත්නම් අපගේ Youtube චැනලයේ සඳහන් කරන්න හෝ ෆේස්බුක් පිටුවේ කමෙන්ට් කරන්න. ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත සිසු දරුවන්ට මහත් අස්වැසිල්ලක් වේවි ඔබගේ අත්දැකීම. බෙදාගන්න.

ස්තුතියි දිලීප වන්නිආරච්චි , 9As නිර්මාතෘ, අධ්‍යයන ක්‍රමවේද විශේෂඥ, Born To Win Relationships ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී. දු.ක. 0773612628

The lesson plan that will amaze you is ‘VP’

Designed by Born To Win at the 9As workshop.

Functionality -VP analysis Required Materials – VP format (Download the format from https://borntowin.lk/formats/)

Are you ready to be great?

You’re going to think like a detective now. A series of Sherlock Holmes stories with a hair-raising experience that will pique your curiosity as you remember. So our lessons are not so beautiful. You feel. You lose so much exiting because you don’t like the lessons before you even start. But traveling with VP can be very adventurous. That’s because you get used to thinking to a level that challenges the author.

Let’s see how.

Here is a summary of the steps to be taken for better productivity:

Before that, browse https://borntowin.lk/, subscribe to the Born To Win YouTube channel, (https://www.youtube.com/watch?v=A6BmD0AK-2I) Dileepa Wanniarachchi Facebook page, https://www.facebook.com/dileepawanni/ සාපෙළ https://www.facebook.com/get9As/ and 9As https://www.facebook.com/btw9As Facebook page to learn about our other tutorials.

VP 1.1 – Write the name of the subtitle you are about to study in the section provided in format. It’s easy, isn’t it? All you have to do is write the name.

VP 1.2 – Next Focus The author’s most focused point. It can be easily identified by reading the book carefully. Now find out what author is most interested in. Here your Sherlock Holmes woke up. But it’s easy too, isn’t it?

VP 1.3 – The next #Purpose – That is, the message that the author is trying to reflect on under that heading. Sherlock Holmes has to think a little about this. Like finding the cause of a crime. But Sherlock Holmes had the VP format in his mind.

VP1.4 – Next up is the most serious work. Identifying perspectives or identifying different aspects of a topic from one place. The main points used to build facts under a particular topic are perspectives. Without a point of view, facts cannot be built on a topic. Identify these perspectives as key points. If the vision you see from these aspects is very good as well as imaginative then you are a person with a sublime mind. You are a genius.

The aspects that are identified in the VP1 step are called perspectives. A large number of phenomena do not build up at once. Maximum three. Otherwise the investigation is difficult.

Eg: For example , in Chapter 5, grade 10 History, under the heading ‘Housing Construction Technology’, we have two main perspectives. Let’s identify what they are.

Technology used to build houses in very prehistoric times and

Technology used to build houses in prehistoric times These perspectives have been instrumental in building the title. These are simple phenomena that happened in two periods.

VP2 * – 2.1 Going to work now. Now choose the most powerful point of view from the point of view you have identified.

Decide yourself.

VP2.2 This point of view is without a doubt one of the most easy in the world. We now divide this into two main parts, the positive and the negative.

This is similar to finding out what the perpetrator is behind a crime.

You can write the positive or negative point written by the author in the same way or build your opinions on the facts provided by the author.

The * VP * format provided has two columns, ‘Author’ and ‘You’.

You can identify positive or negative points, but if they are previously identified by the author, you should put a tick in the ‘Author’ section.

If the author is not mentioned but you recognize them, put a tick in the ‘you’ section as well. You have to think carefully to identify the positives and negatives of the facts. That’s what a detective does.

When you think strangely, your brain generates billions of new neural networks. Because of these Biochemical electrical impulses , facts are remembered for a long time. It is very easy to reflect. Over time, this will become easier for you.

Everything related to the test is like Crystal, no matter how long it takes, as Sherlock Holmes remembers.

So even if I read it many times for one lesson, you may complain that I still do not remember the facts accurately. It is not your mental problem.

Suppose Sherlock Holmes reads a report made by another investigator. It may not be that interesting. The same goes for you.

So with VP activation you build your own investigation.

When studying the old methods, you forget about the effect of the tools that you use very less. For example, reading a book from top to bottom, memorizing it.

Sherlock Holmes does not memorize the report of his investigations. He remembers with understanding.

Have you ever heard of such an analysis ( VP ) before?

What if you were the only student in the class who did this now?

Check your memory now. You can compare facts and reflect beautifully, right?

Wonderful, isn’t it? Then there is no doubt that you are a genius.

But it is not over yet.

Further in the lesson you may have missed points. They may also ask questions during the exam. You do not have to take the risk at the exam. Then let’s move on to another great analysis that can cover them too – VP3.

Write us your thoughts on this beforehand or leave a comment on our Youtube channel or leave a comment on our Facebook page. Your experience will be a great comfort to hundreds of thousands of students in Sri Lanka.

Please Share. Because sharing is caring.

Thank you

Dileepa Wanniarachchi 9As Founder, Study Methodology Specialist, CEO of Born To Win Relationships. Tel. 0773612628

 

 

 

 

 

 

Similar Posts