|

ඔබේ අරමුණු ඉටුවී හමාරයි. Your objectives are fulfilled

මොනවා කලත් හැරියන්නෙ නැත්තෙ ඇයි ?

ඔබේ අරමුණු ඔබේ සිතුවිලි තුල ඉෂ්ට වූ ඒවාය. ඒවා ඉෂ්ට වී නැති බව තීරණය කරන්නේ ඔබේ උඩු සිතයි. එතකල් යටිසිත සිතන්නේ ඒවා ඉශ්ට වී ඇතිබවය. ඔබේ අරමුණු සංකිර්ණ බව, ළඟා විය නොහැකි බව, කාට පුලුවන් උනත් ඔබට බැරි බව තීරණය කරන්නේ ඔබේ උඩු සිතයි.

දැන් ඔබට හිතේව් “ඉතිං කොච්චර උත්සාහ කලත් එහෙම වෙලා නැහැනෙ මට, බලාපොරොත්තු උනාට වඩා අඩුයිනෙ ප්රතිඵල” කියලා. හිතලා බලන්න ඔබේ අණ දශමයක අවිශ්වාසයක් නැතුවද දුන්නෙ කියලා.

උදාහරණයක් වශයෙන් ලදරුවන්ගේ සිට සෑම දරුවෙක්ම ඉතා ඉක්මනින් යම් යම් දේ ඉගෙනගන්නවා වැඩිහිටියන්ට වඩා වේගයෙන්. දරුවෙක් නැගිටලා ඇවිදින්න ඉතා ඉක්මනින් ඉගෙන ගන්නේ තමන්ට එය බැරෑරුම්, අපහසු කාර්යයක් බව නොදන්නා නිසයි. ඔවුන්ගේ විශ්වාසය 100%යි. ඇදවැටෙනවා තමයි. ඒත් මට පුලුවන් කියලා විශ්වාස කරනවා. එතකොට ඒකම සිද්ධ වෙනවා. ඔබ පුදුමයෙන් බලාගෙන ඉන්නවා.

නමුත් සිතන්න එවන් වික්රමයක් කරන්න යොමුවෙන වැඩිහිටි දරුවන් හා වැඩිහිටියන් ගැන. කොච්චර කල් ගන්නවද තමන්ගෙ ප්රගතිය ගැන තීරණයක් ගන්න. කොච්චර හිතනවද ඒක කරන්න බැරිවෙන හේතු ගැන. ඊට දායක වෙනවා අපේ පරිසරය හා අඩ්යාපනය.

උඩුසිත මෙසේ තමන්ට අපහසු බව තීරණය නොකලහොත් යටිසිත ඔහු දන්නා සත්යය ටක්කෙටම ඉටු කරනවා. දන්නා සත්යය යනු ඔබ දුන් අණයි. එය ඔහු ඉටුකරයි දශමයක් අඩු නැතිව.

හිතාගන්න පුලුවන් ද අපි යටිසිත කොච්චර බය කරනවද කියලා. ඒ මදිවට තව අපි ප්රතිඵලත් 100%ක් බලාපොරොත්තු වෙනවා.

අවිශ්වාසය අඩුවෙන සෑම දශමයකම ප්රතිඵල ඊට සමානව අඩුවෙනවා.

ඒ කියන්නෙ අපිව නවත්තන්නෙ අපිමයි. දුර්වල කරන්නෙ අපිමයි.

ඒ නිසා අධිශ්ඨානය පමණක් තිබිලා මදි. එය ක්රමයෙන් හා ඉක්මනින් අභියෝගයන්ට යටත් වෙනවා. පසු අදහස් පෙර අදහස් යටපත් කර දමනවා. ක්රමයෙන් ඔබ කලකිරෙනවා කොච්චර කලත් වැඩක් නැහැ කියලා. අතහැර දමනවා නැවතත් ගොඩ එන්න අපහසු වෙන තරමටම.

ආයෙත් හිතට දැනෙන යමක් සිද්ධවුනු ගමන් අධිශ්ඨානය කරනවා මොනවා උනත් දැන් නම් මේක කරනවාමයි කියලා. ආයෙත් ක්රමයෙන් යටපත් වෙනවා. සුපුරුදු මිනිසාම බවට පත් වෙනවා.

මේ චක්රය ඔබට බිඳින්න වෙනවා.

ඔබ දිනපතා #දෘශ්යකරණ #ශිල්පීය #ක්රම කළ යුත්තේ ඇයි යන්න ඔබට දැන් වැටහේවි.

ඒ තුල බිඳවැටෙන, ඇදවැටෙන සහ අතැර දමන කෙනෙක් නැහැ. දකින්නේ එකම සත්යයක්. සිදුවන්නේත් එයමයි.

එය ආකර්ශනයේ නීතියයි.

#දිලීප #වන්නිආරච්චි

#9As නිර්මාතෘ

It’s not gonna be alright , no.matter what. Why is that ?

Answer is :

Your objectives are fulfilled

Your goals are the ones that are accomplished in your thoughts. It is your mind that decides that they are not fulfilled. Until then, the subconscious thinks they are fulfilled. Your intuition determines that your goals are complex, unattainable, and that no one can.

Now you think, “So no matter how hard I tried, it didn’t happen to me, the results were less than I expected.” Think about whether you gave your decree without distrust.

For example, every child from infancy learns faster than an adult. A child learns to get up and walk very quickly because he does not know that it is a serious, difficult task. Their confidence is 100%. Is falling. But they believe they can.Then the same thing happens. You look amazing.

But think of the older children and adults who set out to do such an adventure. How long does it take to make a decision about your own progress? How many think about the reasons why it can’t be done. Our environment and education contribute to it.

If concious mind does not decide that it is difficult for him, subconscious mind will fulfill the truth he knows. The known truth is the command you gave. He accomplishes it without less than a tenth.

Can you imagine how scared we are of the reality to be ? On top of that we expect 100% more results.

For every tenth of a degree of distrust, the result is the same.

That is, we stop ourselves. We are the ones who weaken.

Therefore, determination alone is not enough. It is subject to challenges gradually and quickly. Post-comments suppress previous ideas. Gradually you become frustrated that no matter how hard you try. Abandoned to the point where it is difficult to recover.

Once again, I feel determined to do whatever it takes. Gradually subsiding again. Becomes the usual man.

You have to break this cycle. Haven’t you ?

You will now understand why you should do visualization techniques daily.

There is no one in it who breaks, falls, and gives up. Sees the same truth. The same thing happens.

That is the law of attraction.

Dileepa Wanniarachchi

9As Founder

Similar Posts